චතුර හා චමුදිත හිරු එකට ගන්න රෙනෝගෙන් මෙහෙයුමක්

1002

සුදේව හෙට්ටිආරච්චි හා රංගන ද සිල්වා සේවයෙන් ඉවත් වීම නිසා එම තනතුරු දෙකට මාද්‍යවේදි චතුර අල්විස් හා චමුදිත සමරවික්‍රම එක් කර ගැනීමේ මෙහෙයුමක් රෙනෝද සිල්වා ප්‍රමුඛ හිරු මාද්‍ය ජාලය ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

මේ සදහා දැනට දෙරණ ආයතනයේ ලක්ශ 6ක පමණ වැටුපකට සේවය කරන චතුර අල්විස්ට ලක්ශ 15ක වැටුපක් ලබාදීමට හිරු ආයතනය එකග වී ඇත.

කෙසේ වෙතත් මෙම දෙදෙනාගෙන්ම නිශ්චිත පිළිතුරක් තවමත් ලැබී නැතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

අද ස්වර්ණවාහිනි නාලිකාව සමග එක්වූ
හිරු නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සුදේව
හෙට්ටිආරච්චි  EAP සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු (Group CEO) ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

හිරු නාලිකාවේ විශේෂ වැඩසටහන් නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.
මීට ටික කලකට ඉහත පාඩු ලැබූ ආයතනයක් වූ ඊඒපී මාධ්‍ය සමූහය පසුගියදා බෙන් හෝල්ඩින්ග්ස් යටතේ විදේශ අයිතිකරුවෙකුට හිමිවීමත් සමග වෙනසකට ලක්විය.
හිරු එෆ් එම් නාලිකාව ආරම්භ කළ කාලයේ සිටම වසර 22 ක් තිස්සේ ඒබීසී මාධ්‍ය ජාලයේ සේවය කළ
සුදේව හෙට්ටිආරච්චි පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ දේශපාලන වැඩසටහන් නිසාය.

මින් ඉහත ටීඑන්එල් නිවේදකයෙකුවූ රංගන දසිල්වා හිරු TV නාලිකාව ආරම්භයේදී එක්වූ සමාජිකයෙකි. කලා ක්ෂෙත්‍රයේ වැඩසටහන් මෙන්ම දේශපාලන වැඩසටහන්ද මෙහෙයවූ අයෙකි.