සජිත් ප්‍රේමදාසව මරන්නද හදන්නේ ?

18

එක්සත් ජාතික පක්ෂය හැර ගිය අයට මරණය අත්වී ඇති බවට එජාප හිටපු මන්ත්‍රීවරයෙක් කළ ප්‍රකාශය අනුව සජිත් ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමට උත්සාහ කරනවාදැයි සමගි ජනබලවේගයේ අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ඊයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ගියාට පස්සේ අත්වුණේ මරණය, ඒ වගේම ලලිත් ඇතුළත් මුදලි, ගාමිණී දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් ගියාට පස්සේ අත්වුණේ මරණය කියලා.

මේකෙන් අපිට ගම්‍ය වෙන කාරණය තමයි දැන් මේ නොකියා කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාට මරණය අත්වෙනවාද කියන එක ගැනද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා.

ඒ කියන මන්ත්‍රීතුමාගේ බෑණා කොළඹ දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලන්නේ සමගි ජනබලවේගයෙන්. එතකොට එතුමාගේ බෑණාත් මැරෙනවද කියලා අපි අහන්න කැමතියි.

මැරෙන්නේ නැත්නම් සජිත් ප්‍රේමදාස මහතා මරන්නද එතුමන්ලා ලෑස්ති වෙන්නේ කියලා අපිට අහන්න සිදුවෙනවා.”