‘පාතාලයත් සම්බන්ධයි, මම ආයෙ කවදාවත් මේ ජොබ් එක කරන්නෙ නෑ” සුනිල්ගේ ඝාතනයෙන් පසු සීසර්වරයෙකු කළ පාපොච්චාරණය (VIDEO)

18

මෙරට ලීසිං පහසුකම් ලබාදෙන සමාගම් තුල ක්‍රියාත්මක වන කල්බදු වාරික ප්‍රමාද වූ වාහන අත්පත් කර ගැනීමට සීසර්වරුන් යෙදවීම සම්බන්ධයෙන් කලින් කලට ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වනවා.

එහි ආසන්නතම සිද්ධිය වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනට මහතා ඝාතනය කිරීම බොහෝ දෙනාගේ අවධානය ලක්වුනේ මෙරට ලීසිං පහසුකම් ලබාදෙන ආයතන පිළිබඳ නැවතත් සිතන්නට යමක් ඉතිරිකරමින්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ලීසිං සමාගමක රථවාහන සීසර්වරයෙකු ලෙස කටයුතු කළ අයෙකු නෙත්.එෆ්.එම් බැලුම්ගල සමඟ පාපෝච්චාරණයක් සිදුකරමින් කියා සිටියේ මෙම කටයුතු පාතාලයේද මැදිහත්වීම මත ක්‍රියාත්මක වන බවයි.

එසේම වාහන පැහැර ගැනීමේදී ආයුධ පාවිච්චි කරන ආකාරය සහ ආයුධ ලබා ගන්නා ආකරයද මෙහිදී පාපෝච්ඡාරණය කෙරුණා.

එම සම්පුර්ණ වැඩසටහන පහතින්.